ඉන්ඩියානා ජෝන්ස් හි දෙවන කොටසේ (Indiana Jones and the Temple of Doom) නළු හැරිසන් ෆෝඩ් පැළඳ සිටි තොප්පිය, වෙන්දේසියකදී පවුම් මිලියන භාගයකට ආසන්න මුදලකට (ඩොලර් 630,000) අලෙවි වී ඇති බව වාර්තා වනවා.
ඒ ලොස් ඇන්ජලීස්හි පැවති වෙන්දේසියකදීයි.
එම වෙන්දේසියට ස්ටාර් වෝර්ස්, හැරී පොටර් සහ ජේම්ස් බොන්ඩ් නිර්මාණ ඇතුළුව බොහෝමයක් චිත්රපට මතක සටහන් අයත් වූ බව සඳහන්.
මෙම තොප්පිය ලන්ඩනයේ හර්බට් ජොන්සන් තොප්පි සමාගම විසින් නිර්මාණය කරන ලද්දකි.
ඇමරිකානු ක්රියාදාම – ත්රාසජනක චිත්රපටයක් වන ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම් චිත්රපටයේ විශේෂත්වය වන්නේ මෙහි දර්ශන කිහිපයක් ශ්රී ලංකාව තුළ රූගත කර තිබීම සහ මෙරට නළු නිළියන් පිරිසක් එහි රඟපෑමට එක්ව තිබීමයි.
ඩී. ආර්. නානායක්කාර, ධර්මදාස කුරුප්පු, රූබි ද මෙල්, දෙනවක හාමිනේ, අයිරාංගනී සේරසිංහ, දර්ශන පනන්ගල ඇතුලු පිරිසක් මෙම චිත්රපටයට රංගනයෙන් දායකත්වය ලබාදී තිබුණා.
ඉන්ඩියානා ජෝන්ස් සහ ටෙම්පල් ඔෆ් ඩූම් ලොව පුරා ඩොලර් මිලියන 333.1ක් උපයා තිබූ අතර, එය 1984 වසරේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්රපටය බවට පත් වුණා.