වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී නිවැසියන් විසින් ගෙදර සිටි සුනඛයා උසිගැන් වූ පුවතක් මාවනැල්ල ප්රදේශයෙන් වාර්තා වනවා.
සුනඛයා උස්ගැන්වීමෙන් අනතුරුව වරෙන්තුකරු විසින් කොස්තාපල්වරයකුගේ අත සපා කා අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 25 ක් වන පුද්ගලයකු සහ අවුරුදු 23 ක කාන්තාවක බව පොලිසිය පවසනවා.
පොලිසිය පැවසුවේ, සුනඛයා සපා කෑම හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලබා ප්රතිකාර ලැබීමෙන් අනතුරුව මාවනැල්ල රෝහලෙන් පිටව ගොස් ඇති අතර, කොස්තාපල්වරයා නේවාසිකව ප්රතිකාර ලබන බවයි.
විවෘත වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම හා සතකු පිළිබදව නොසැලකිළිමත්වීම යන චෝදනා මත එම නිවෙසේ සිටි කාන්තාව සහ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.
මේ අතර පලාගිය වරෙන්තුකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.