සිය පාලනයක් තුළ ජනාධිපති ලේකම් කාර්යාලය ආයෝජකයින්ට කඩිනම් අනුමැතිය ලබාදීම සඳහා වන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ”සැමට ජයක් – සමගි රටක්’ තේමාවෙන් අද (19) පෙරවරුවේ නාවලපිටිය නගරයේ පැවති ජනරැලියකදී ඔහු මේ බව පවසා සිටියේය.
“දැනටමත් මම ආයෝජකයන්ට කියලා තියෙන්නේ ගම් නියම්ගම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සිසාරා කර්මාන්ත ශාලා බිහිකරන ගමන 22වැනිදා ඉදළම ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙන්න කියලා.
ජනාධිපති ලේකම් කාර්යාලය ‘ONE STOP SHOP’ එකක් බවට පත් කරලා ආයෝජනය කරන්නට එන ආයෝජකයින්ට ඉක්මන් අනුමැතියන් ලබාදෙන මධ්‍යස්ථානයක් කරනවා. ඒ සංකල්පය එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යුගයේ ක්‍රියාත්මක වුණා.
ඒ වැඩපිළිවෙළ නැවත වරක් ක්‍රියාත්මක කරලා නුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ විස්සෙම නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කරනවා.