Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පෙම් ආරවුල අවනඩුවක් වෙයි! 76 හැවිරිදි අනියම් පෙම්වතා පෙම්වතියගේ නිවසට ගිනි තබයි!

3 weeks ago 6.3 K

තම 76 හැවිරිදි අනියම් සැමියා නිවසට ගිනි තැබූ බව පවසමින් 61 හැවිරිදි කාන්තාවක් මීගහතැන්න පොලිසියට පැමිණිලි කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කරනවා.

එලෙස පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ලිහිණියාව, මහ කළුපහන, මැල්ලමුකලාන පාරේ පදිංචි ගෝමරගේ දොන් නීතා ජයවර්ධන යන 61 හැවිරිදි කාන්තාවක් විසින්.

එම පැමිණිල්ල අනුව මතුගම, කන්දහේන ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමා අනියම් සැමියා සමග දිවි ගෙවන බවත්, පසුගිය 17 වැනිදා රාත්‍රි 7.00 ට පමණ ඔහු සමග ඇති කර ගත් ආරවුලකින් පසු අසල්වැසි ගුණවතීගේ නිවසට ගිය බවත් රාත්‍රි 9.30 ට පමණ නිවස දෙසින් ශබ්දයක් ඇසී ගොස් බලන විට නිවස ගිනි ගනිමින් තිබූ බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්.

පසුව බලන විට නිවසේ තිබූ පුටු, රූපවාහිනි යන්ත්‍රය ඇතුළු භාණ්ඩ රැසක් ගින්නෙන් විනාශ වී තිබූ බවද ඇය සඳහන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *