Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උපන් විගස සිඟිත්තෙක් මෙලොව හැර යයි! දරුවා ඝාතනය කළ බවට රෝහලට චෝදනා!

10 months ago 5 K

වවුනියාව මහ රෝහලේදී උපන් විගස බිළිඳෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා දෙමාපියන් හා ප්‍රදේශවාසීන් ඊයේ (21) සවස වවුනියාව මහ රෝහලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපස විරෝධතාවයක නිරත වුණා.

වවුනියාව රෝහලේ ගර්භනි වාට්ටුවේ වෛද්‍යවරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ නොසැළකිල්ල මත අදාළ දරුවා මියගිය බවටයි විරුද්ධකරුවන් චෝදනා කරන්නේ.

දරුවාගේ මව ප්‍රසූත වේදනාවෙන් කෑ ගසන විට ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් නොකර කටයුතු කිරීම මත දරුවා මියගොස් ඇති බවත් දරුවාගේ මරණය ඝාතනයක් වන බවත් පවසමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරතව තිබෙනවා.

වසර ගණනාවක් දරුවන් නොමැතිව සිටි යුවළකට ලද පළමු දරුවා එලෙස මියගොස් ඇති බව සඳහන්.

වවුනියාව මහ රෝහල මගින් සිදු කල අභ්‍යන්තර පරීක්ෂණය සාධාරණ නොවන බවයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.

ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *