සැමියා විසින් තියුණු ආයුධයකින් සිදු කළ පහර දීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්රතිකාර ලැබූ 38 හැවිරිදි දෙදරු මවක් මිය ගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, නිවිතිගල පොලිස් වසමේ කලවාන පාර, දෑල ප්රදේශයේ පදිංචිකාරිනියක්.
පොලිසිය සඳහන් කළේ එම පහරදීමෙන් ඇගේ 18 හැවිරිදි පුත්රයාද තුවාල ලබා ඇති බවයි.
මේ වනවිට ඔහු රත්නපුර රෝහලේ ප්රතිකාර ලබන බව සඳහන්.
මරණකාරිය සිය සැමියා, පුත්රයා සහ 08 හැවිදිරි දියණියක සමඟ දෑල ප්රදේශයේ නිවසක ජීවත් වී තිබෙනවා.
ඊයේ (21) රාත්රියේ ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් මෙලෙස බිරිඳට සහ සිය පුත්රයාට තියුණු ආයුධයකින් පහර දී ඇති බවටයි මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.
එම පහරදීමෙන් අනතුරුව නිවස පරීක්ෂා කිරීමේදී නිවස තුළ තිබී 48 හැවිරිදි සැකකාර සැමියාගේ දේහයද සොයාගෙන ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.