එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පැතුම් නිස්සංක කණ්ඩායමෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හිටපු ජාතික පුහුණුකරු මිකී ආතර් මවිතයට පළ කර තිබේ.
ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් විමතිය පළකර තිබිණි.
පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සඳහා කැඳවනු ලැබුවේ දීර්ඝ කාලයකින් අනතුරුවයි.
කොන්දේ ආබාධයක් හේතුවෙන් දිගු කලක් ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටියේය.
කෙසේවෙතත් නිස්සංක එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා නොකිරීම සම්බන්ධයෙන් බොහෝ ක්‍රිකට් විචාරකයන් විමතියට පළ කර තිබේ.
හිටපු පුහුණුකරු සඳහන් කර තිබුණේ “ධනංජය ඉතා හොඳින් ක්‍රීඩා කරනවා දැකීම සතුටක්, නමුත් කවුරුහරි මට කියන්න පුළුවන්ද ඇයි පැතුම් නිස්සංක පිතිකරණය ආරම්භ නොකරන්නේ ? එහෙම නැත්නම් මට යමක් මග හැරිලා ද ?” යනුවෙන් ප්‍රශ්න කරමිනි.