වවුනියාවේ පුවරසන්කුලම් ප්‍රදේශයේදී කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් සිරකර තබාගෙන සිටි කාන්තාවක් නිරුපද්‍රිතව මුදාගැනීමට පොලීසිය සමත්ව තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ එහිදී මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවය.
ඊයේ (13) උදෑසන වාරියකුට්ටූර් ප්‍රදේශයේදී මෙම කාන්තාව පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
පැහැරගත් කාන්තාව කප්පම් මුදල් ඉල්ලමින් නිවසක සිරකරගෙන සිට ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබේ.
පසුව සැකකරුවන් විසින් පැහැරගත් කාන්තාවගේ දියණියට දුරකථන ඇමතුමක් ලබා දෙමින් පවසා ඇත්තේ එම කාන්තාව මුදාහැරීමට නම් රුපියල් ලක්ෂ 5ක කප්පම් මුදලක් ලබා දෙන ලෙසටය.
එම කප්පම් මුදල් ලබා නොදුනහොත් එම කාන්තාවට වෙඩි තබා ඝාතනය කරන බවට කප්පම්කරුවන් තර්ජනය කර ඇත.
අනතුරුව මේ සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ දියණිය විසින් පුවරසන්කුලම් පොලීසියට කළ දැනුම්දීම මත මුදල් ලබාදෙන මුවාවෙන් සූක්ෂම ලෙස පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
පැහැරගත් කාන්තාවද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26ත් 49ත් අතර වයස්වල පසුවන අතර ඔවුන් වවුනියාව, කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබේ.
සැකකරුවන් අද (14) වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලීසියය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

ඉරාන නව උත්තරීතර නායකයාට ප්‍රහාරයක්?
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින්න! ජනතාවට අනතුරු ඇඟවීමක්!
උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව
විදුලිබල වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකිරීමට ජනපතිගෙන් පොරොන්දුවක්
ධම්මික රණතුංගට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
දිට්වා අරමුදලට ආධාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් තරගාවලියක්
දිස්ත්‍රික්ක 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
“පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා” – උදය ගම්මන්පිල
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට
ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය
ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි