ඩුබායිහි සිටින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් තමාව ඝාතනය කිරීමට සාකච්ඡා පවත්වා ඇති බවට විශ්වාසදායක අන්දමින් තමන්ට දැනගැනීමට ලැබුණු බව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පිළියන්දල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ඉකුත් 21 වෙනිදින එම සාකච්ඡාව පවත්වා ඇති බවට තමන්ට දැනගන්නට ලැබුණු බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා ඇත.
දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා ඒ බව සඳහන් කරමින් වීඩියෝවක් නිකුත් කර ඇති බව චමුදිත සමරවික්‍රම මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ඒ සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය ඕනෑම මොහොතක මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදීමට නාමල් කුමාර සූදානමින් සිටින බවට ද චමුදිත සමරවික්‍රම මහතා කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතා ඉහළ පොලිස් නිලධාරීන් කීපදෙනකුටද දුරකථනයෙන් පැමිණිලි කර ඇත.