ගලෙන්බිඳුණුවැව, වැලෑනේගම ප්රදේශයේදී විදුලිසැර වැදීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
එලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිඳුණුවැව ජාතික පාසලේ ඉගෙනුම ලැබූ අවුරුදු 15 හැවිරිදි පාසල් සිසුවෙකි.
මෙම සිසුවා සිය නිවස පසුපස වතුර කරාමයකින් දිය නාමින් සිටින අතර තුර ජලය අවසන් වු පසු නිවසේ සවිකර තිබූ විදුලි මෝටරය ක්රියාත්මක කර තිබෙනවා.
ඔහුගේ ඇඳුම් ඒ අසල තිබූ විදුලි රැහැනකට දමා තිබෙන අතර,දිය නෑමෙන් පසු ඇඳුම් ලබාගන්නා අවස්ථාවේදී විදුලි රැහැන කැඩී, ඇඟේ එතීමෙන්, මෙලෙස මෙම සිසුවාට විදුලිය වැදී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.