සත්කාරක පාකිස්තානු කණ්ඩායම පරාජය කර තරග 2කින් යුත් ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම අද (25) සමත් විය.
ජයග්රහණය සඳහා පාකිස්තාන කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 30ක ඉලක්කය බංගලාදේශ ආරම්භක පිතිකරු යුගලය විසින් පහසුවෙන් හඹා ගියහ.
දෙරට අතර වසර 23ක ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ බංගලාදේශය පාකිස්ථානයට එරෙහිව ජයගත් පළමු ටෙස්ට් තරගය මෙයයි.
දෙරට අතර මින් ටෙස්ට් තරග 13 ක් පවත්වා තිබූ අතර ඉන් එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වීම හැරැණු කොට ඉතුරු තරග 12ම ජය තමන් සතු කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්ව තිබුණි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සිය පළමු ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 448ක් රැස්කර ඉනිම අත්හිටුවීය.
කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශය තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 565ක් රැස්කළේය.
එහිදී අතිවිශිෂ්ට ඉනිමක් ගොඩනැගූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 191ක් රැස්කිරීමට සමත් විය.
ඒ හේතුවෙන් පාකිස්තානයට ලකුණු 117ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹීමට සිදු විය.
නමුත් පාකිස්තානු දෙවැනි ඉනිම ලකුණු 146කට සීමා විය.
ඒ අනුව බංග්ලාදේශයට ජයග්රහණය සඳහා හිමි වූයේ ලකුණු 29ක පහසු ඉලක්කයකි.