මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් සිය නාමයෝජනා පත්ර භාරදීමත් සමග සිය වත්කම් බැරකම් වාර්තාවක් ලබාදී තිබෙනවා.
එහි පිටපත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලබාදී තිබේ.
එම වාර්තාවල දූෂණ විරෝධි පනත යටතේ ප්රකාශවල හෙළි නොකළ යුතු බවට ද දක්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සංස්කරණය කරන ලද පිටපත් ලෙස මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය මගින් ප්රකාශයට පත්කර ඇත.
එම වාර්තාවන්ට අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්රධාන අපේක්ෂකයන්ගෙන් වැඩිම මාසික අදායමක් ලබන අපේක්ෂකයා දිලිත් ජයවීර බවත් අඩුම මාසික අදායමක් ලබන අපේක්ෂකයා රනිල් වික්රමසිංහයි.
එම වාර්තාවල සඳහන් ඇතැම් අපේක්ෂකයින්ගේ වත්කම් පිළිබඳව ජනතාවගේ අවධානය යොමු වී ඇත.
ඒ අතරින් ප්රධානතම කරුණක් වන්නේ රොෂාන් රණසිංහ මහතා පළඳින අත් ඔඅරලෝසුවේ වටිනාකමයි. ඔහුගේ වත්කම් ප්රකාශනයෙහි එහි වටිනාකම මිලියන 12ක් ලෙස සඳහන් කර තිබේ.
රොෂාන් රණසිංහ මහතා 2019 මහ මැතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර ඔහු මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වේ.