ඉත්තෑපාන – ඉහළ කන්ද යගිරල ප්‍රදේශයේ ඇතාවැටුණුවැව දිය නාන ස්ථානයේ දිය නෑමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මොරටුව ප්‍රදේශයේ ඩෙංගු මර්ධන සහයකයින් පිරිසක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව්දෙනෙකු අද (25) පෙරවරුවේ මෙම දියවලෙහි දිය නෑමට ගොස් ඇත.
එහිදී ඒ අතර සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ.
මෙලෙස දියේ ගිලි මියගොස් ඇත්තේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට සහ එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකි.
ඉත්තෑපාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.