Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපතිගෙන් ජනතාවට උපදෙසක්

2 weeks ago 3 K

ජනතාව විපක්ෂයේ ප්‍රකාශ විශ්වාස කළහොත් ශ්‍රී ලංකාවට ද ග්‍රීසියට අත්වූ ආකාරයේ ඉරණමක් අත්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයට ඊයේ (25) එක්වෙමිනි.

දැන් අපේ විපක්ෂය මොකක්ද කියන්නේ. එයාලගේ මැතිවරණ ප්‍රකාශයෙන් එයාලා කියන්නේ බදු අඩුකරනවා කියලා. බදු අඩු කළොත් අපේ ආදායම නවතිනවා. එතකොට ආපහු 2022 යනවා. මමත් කැමති නැහැ බදු වැඩිකරන්න . රුපියල ශක්තිමක් කරලා අපි බදු අඩු කරමු. ඒවගේම ලබන අවුරුදු දෙකේදී බදු දැල වැඩිකරලා බදු අඩු කරමු. ජනප්‍රිය තීන්දු ගන්න අපි ඔක්කොම කැමතියි. හැබැයි රෑ වැටුණු වළේ අපි දවල් වැටෙන්න ඔනෙද? ඒ වගේම විපක්ෂය බොරු කියන්නේ ඇයි කියලත් මම අහන්න කැමතියි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිසි විටෙක කොන්දේසි මාරු කරන්නේ නැහැ.  ශ්‍රීසියේ ආර්ථික අර්බුදය වෙලාවෙත් මේ විදිහටම විපක්ෂය ගිවිසුම වෙනස් කරන්න හැදුවා. ඒ නිසා රට තවත් පහළට වැටුණා. ඒ දේමද මෙයාල දැන් ලංකාවටත් කරන්න හදන්නේ. අපි කියන්නේ මුල්‍ය අරමුදලේ ගිවිසුම සමඟ ඉදිරියට යනවා කියලා. නමුත් සජබෙ සහ මාලිමාව කියන්නේ මොකක්ද . ගිවිසුම සංශෝධනය කරනවා කියලා.

එහිදී ජනතාව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ විපක්ෂයේ ප්‍රකාශයන්ට රැවටී රෑ වැටුණු වළේ දවාලෙත් වැටීමෙන් වළකින ලෙසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *