Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්! මැතිවරණයේදී ඡන්දය ලබා දිය පුද්ගලයා පිළිබඳව රටේම ජනතාවට ඉඟියක්!

2 weeks ago 10.1 K

බුද්ධිමත් නිර්භීත නායකයකු තෝරා පත්කර ගන්නා ලෙස 9 ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.

එහිදී ඡන්ද දායකයින්ගෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ද ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත.

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුනු ත්‍රීත්වයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන නායකයෙකු රටට අවශ්‍ය යන්න සිය දැඩි විශ්වාසය බව එම නිවේදනයෙන් සඳහන් කර ඇත.

එබැවින් දුෂිත පුද්ගලයින් ආරක්ෂා කරන සහ දූෂිතයින්ට අනුබල දෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ජනතාව සිය වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිත කිරීම වැදගත් බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පෙන්වා දෙයි.

බොරු පොරොන්දු ලබා දෙමින් ඡන්ද දායකයින් රවටා ඔවුන් නොමඟ යෑවීමෙන් වළකින ලෙසත්, තම ඡන්ද ව්‍යාපාර සංවිධායකවරුන් සහ ආධාරකරුවන් මේ හා සම්බන්ධයෙන් කරන කියන දේ පිළිබඳව සුපරික්ෂාකාරී වන ලෙසත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලා ඇත.

එම නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ එසේ මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන් විසින් අවංකව සහ සාධාරණව රට පාලනය කරනු ඇති බවට විශ්වාස කළ නොහැකි බවයි.

“ජනතාවගේ සුබසාධනය සහ රටේ සංවර්ධනය වෙනුවෙන් තම ආත්මාර්ථකාමී අවශ්‍යතා සහ න්‍යායපත්‍ර සඳහා බලතල හා අධිකාරී තනතුරුවලට ආශා කරන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ යුතුය.” යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි ප්‍රනාන්දු සහ ලේකම් බිෂොප් ජේ.ඩී. ඇන්තනි ජයකොඩිගේ අත්සනින් යුතුව නිකුත් කළ එම නිවේදනයක සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *