වෙඩිතැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.
2024.08.16 වන දින අළුයම ශ්රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දිය ආසන්නයේ වී වේලමින් සිටි 26 හැවිරිදි තරුණයෙකුට ටී -56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර පලා ගිය ප්රධාන අපරාධකරුවෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.
එම සිදුවීම පිළිබඳ ශ්රී පුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර මේ වනවිට සැකකරුවෙකු හඳුනාගෙන ඇත.
ඔහු අවිස්සාවේල්ල, සමරුගම ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
ඔහු ප්රදේශයෙන් පළාගොස් ඇති අතර, ඉහත ඡායාරූපයේ සිටින සැකකරු පිළිබඳ විස්තරයක් වෙතොත් වහාම පොලීසිය දැනුවත් කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඔහු ගැන තොරතුරක් වෙතොත් ස්ථානාධිපති – 071 859 1181 හෝ
ශ්රී පුර පොලිස් ස්ථානය – 025 225 5062 යන අංකයට දැනුම් දිය හැකිය.