යාපනය අච්චුවේලි ප්‍රදේශයේ කාන්තාවක් පිලිස්සුම් තුවාල සහිතව ඊයේ (26) රාත්‍රියේ රෝහල්ගත කර ඇති බව අච්චුවේලි පොලිසිය පවසනවා.
මෙසේ පිලිස්සුම් තුවාල ලබා ඇත්තේ අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක්.
ඇගේ නිවසේ කාමරයක් ගිනිගන්නා බවට අසල්වාසීන් විසින් දැක ඇති අතර ඔවුන් නිවසට ඇතුල් වී එහි සිර වී සිටි කාන්තාව බේරාගෙන කඩිනමින් ඇයව අච්චුවේලි මූලික රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
අසල්වාසීන් පොලිසියට සඳහන් කර ඇත්තේ අදාළ නිවසේ කාන්තාව හා සැමියා නිරන්තරයෙන් ගැටුම් ඇති කරගන්නා බවයි.
එම නිසා එම කන්තාවට ගිනිතබා සැමියා පලා යන්නට ඇතැයි පොලිසිය සැකපල කරන බවයි වාර්තා වෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.