Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පැතිර යන අසත්‍ය පුවතක් ගැන සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2 weeks ago 2.7 K

විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන තුනේ ම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90ක් පමණ වන බවය.

ස්ථාවර රටකට – සැවොම එක මගකට යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් පළ කළේය.

එම මාධ්‍ය හමුවේ දී සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් උපයා ගැනීම සම්බන්ධයෙන් එහි කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි පළකළේ මෙවන් අදහසකි.

“අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ බලපත්‍ර නිකුත් කිරීම හරහා රුපියල් බිලියන 2ක් එකතු කරගැනීම. ඒ අනුව අපි මේ වෙනකොට බලපත්‍ර නිකුත් කිරීම හරහා බිලියන 1.75ක් හොයලා තියෙනවා. ඊළඟට බලපත්‍ර අපි 2023 මැයි සිට අගෝස්තු 20 වෙද්දි බලපත්‍ර 98ක් නිකුත් කරලා තියෙනවා. 2022 දී අපි හොයලා තියෙනවා බිලියන 169ක්. 2023 අපි හොයලා තියෙනවා බිලියන 179ක්. 2024 ඉලක්කය රුපියල් බිලියන 232ක්. අගෝස්තු 22 වෙද්දි රුපියල් බිලියන 132.7ක් හොයලා තියෙනවා. ප්‍රතිශතයක් විදියට 24.6%ක වර්ධනයක්.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *