2025 වසරේ ජනවාරියේ සිට, ගුරු සහ විදුහල්පති ශ්‍රේණියේ වැටුප් 24% සිට 35% දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වැටුප් වර්ධක ලබා දීම සදහා අවශ්‍ය සියළු ගණනය කිරීම් මේ වන විටත් සිදුකර අවසන් බව පවසන අමාත්‍යවරයා, 2025 වසරේ අයවැය සදහා එම ගණනය කිරීම් ඇතුළත් කර තිබෙන බව වැඩිදුරටත් පැවසීය.
නව වැටුප් වැඩිවීමත් සමග, රජයේ සේවකයෙකු ලබන අවම වැටුප රුපියල් පනස් පන් දහස දක්වා ඉහළ යයි.