එළඹෙන 2025 නව වසර සඳහා ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය සීමා කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
පසුගිය වසර කිහිපය තුළ එරටට පැමිණෙන විදේශීය සිසුන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
විදෙස් සිසුන්ගේ පැමිණීම ඉහළ යාමත් සමඟ එරට නිවාස කුලී මිල ද ඉහළ ගොස් ඇති බවයි එරට රජය පවසන්නේ.
ඒ අනුව, 2025 වසර සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් සංඛ්‍යාව 270,000කට සීමා කර තිබෙනවා.
එරට රජය ඔවුන්ගේ නිශ්චිත ඇතුළත් වීමේ සීමාවන් පිළිබඳව ඉදිරියේදී විශ්ව විද්‍යාල දැනුවත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.