Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ‘ගෝඩ් ෆාදර්’ගේ පුත්‍රයා අත්අඩංගුවට

8 months ago 5.7 K

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාෂික් නැමැත්තාගේ පුතා වන නදීන් බාෂික් නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඊයේ (27) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙමින් සිටිය දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ‘ගෝඩ් ෆාදර්’ ලෙස සැලකෙන ශිරාන් බාෂික් නැමැත්තා ලංකාවට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස ප්‍රසිද්ධිය.

පසුගිය පෙබරවාරි 16 වනදා වැල්ලවත්ත ප්‍රදේශයේ දී නදීන් බාසික් සහ අංගොඩ ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ගමන් කළ මෝටර් රථය මාර්ග රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු අනතුරට පත් කර පළා ගොස් තිබුණා.

ඒ ඔවුන් ගමන් කළ රථය නවත්වන ලෙසට අණකර අවස්ථාවේදි නොනවත්වා ධාවනය කරමින්. එහිදී පොලිස් යතුරුපැදියකට ද අලාභ හානි සිදු වුණා.

එම අනතුර සිදු කිරීමෙන් අනතුරුව ඔහු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *