සෙල්ලකතරගම පාලම අසලදී ළමුන් පිරිසකට සහ දෙමාපියන්ට දෙබර ප්රහාරයක් එල්ල වී තිබේ.
ප්රහාරයට ලක්වූ ළමුන් 10 දෙනෙකු සහ දෙමාපියන් තිදෙනෙකු කතරගම රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
තුවාලකරුවන් අතර පිරිමි ළමුන් 4ක්, ගැහුණු ළමුන් 6ක් සහ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කළ අය අතර වේ.
මොවුන් සියලු දෙනාම සෙල්ලකතරගම ප්රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.