Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනපති රනිල්ට ලැබුණු සුබ ආරංචිය

10 months ago 11.4 K

ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුසුදුස්සකු බව ප්‍රකාශ කරන ලෙස ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයා පත්කිරීමට අපොහොසත්වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් නොකිරීම පදනම් කරගෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුසුදුස්සකු බව ප්‍රකාශ කරන ලෙස මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඒ, නීතීඥවරයෙකු වන ශාන් රණසූරිය මහතා විසින්.

ඒ අනුව අද (28) මෙම පෙත්සම  විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් 50,000 ක් ගෙවන ලෙසද පෙත්සම්කරුවාට නියෝග කර තිබෙනවා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු සාවද්‍ය ලෙස ඉදිරිපත් කර ඇති බවටත්, අයදුම්පත්‍රය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවටත් විරෝධතා ඉදිරිපත් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *