Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රවුෆ් හකීම්ට එරෙහිව අධිකරණයෙන් වාරණයක්

2 weeks ago 3 K

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. අලි සහිර් මවුලානා මහතාගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (28) ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ මහලේකම් නිසාම් කාරියප්පර් වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම වාරණ නියෝගය නිකුත් කළේ, අලි සහිර් මවුලානා මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින්.

ඒ අනුව එම වාරණ නියෝගය වාරණ නියෝගය එළැඹෙන 11 වනදා දක්වා බලපැවැත්වෙයි.

පැමිණිලිකරු කියා සිටින්නේ, ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහාය දක්වන්නේද ? යන්න තීන්දු කිරීම සඳහා අගෝස්තු 04 වනදා රැස් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයට තමන් සහභාගී නොවූ බවයි.

එහිදී පක්ෂය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබුණද එම තීරණය තමන්ට දැනුම්දී නොතිබූ බව පැමිණිකරු පවසා තිබෙනවා.

එසේ තිබියදී තමන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව විනය ක්‍රියාමාර්ගයකින් තොරව තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කටයුතු කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *