ගොඩකන්ද හර්බල්ස් සමාගමේ T & G නාමය යටතේ එන දන්තාලේප දෙකක් භාවිතයට නොගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වේවැල්දෙණිය, නුවර පාර, අංක 102 ලිපිනයෙහි පිහිටි ගොඩකන්ද හර්බලස් (පුද්ගලික) සමාගම විසින් නිෂ්පාදනය කර බෙදා හරින භාණ්ඩ වන වෙන්ඩෝල් T & G Herbals (T & G හර්බල්ස්) සහ වෙන්ඩෝල් T & G Fresh Mint (T & G ප්‍රෙෂ් මින්ට්) යන දන්තාලේප නිපැයුම් සදහා SLS 275 ප්‍රමිති සහතිකය ලබා නොගෙන එම ලාංඡනය දන්තාලේප ඇසුරුම් වල හා ටියුබ්වල ව්‍යාජ ලෙස මුද්‍රණය කර රටපුරා බෙදා හැර ඇති බවයි පාරිභෝගික අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
එම වරද සම්බන්ධයෙන් එම නිෂ්පාදන සමාගම අධිකරණයේදී වරද පිළිගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ඒ අනුව ගොඩකන්ද හර්බල්ස් ( පුද්ගලික) සමාගම විසින් නිෂ්පාදනය කර දැනට වෙළෙඳ පොළ තුළ බෙදා හැර ඇති වෙන්ඩෝල් T & G Herbals (T & G හර්බලස්) සහ වෙන්ඩෝල් T & G Fresh Mint (T & G ප්‍රෙෂ් මින්ට්) යන දන්තාලේප භාවිතයට නොගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.