Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වවුනියාවේ ආගමන විගණන දෙපාර්තමේන්තු කාර්යාලය අසල උණුසුම් තත්වයක්

2 weeks ago 851

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණ සිටින ජනතාව පැවසුවේ, ඇතැමෙක් දින තුන හතරකට වැඩි කාලයක් පෝලීම්වල රැඳී සිටින අතර, දිනකට විදෙස් ගමන් බලපත්‍ර 25ක් පමණක් ලබාදෙන බවය.

ඒ හේතුවෙන් අදාළ විදෙස් ගමන් බලපත්‍ර සඳහා ටෝකන් ලබාගැනීමට ජනතාවට දින ගණනක් පෝලීම්වල සිටීමට ජනතාවට සිදුව තිබෙනවා.

එමෙන්ම ලබාදෙන අංක තැරැව්කරුවන් විසින් ජාවාරම් කිරීමේ තත්ත්වයක්ද උදාවී ඇති බවටයි ජනතාව චොඉදනා කරන්නේ.

පවතින නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිළධාරීන් යෙදවීමටද සිදුව තිබෙනවා.

ඊයේ (28) අදාළ ස්ථානයේ ගැටුමක් ද ඇති වී ඇති බව සඳහන්.

උතුරු පළාත, උතුරු මැද පළාත, නැගෙනහිර පළාත හා වයඹ පළාතේ බොහෝ පිරිසක් විදෙස් ගමන් බලපත් ලබා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තු වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණෙති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *