Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන සිසුන්ගේ දෙමාපියන්ට වැදගත් දැනුම්දීමක්

9 months ago 8.7 K

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින දරුවන්ට ඇතැම් මව්පියන් විසින් ලබාදෙන පීඩනකාරී තත්ත්වය නිසා ඔවුන් රෝග රැසකට ගොදුරු වී ඇතැයි රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

මව්පියන් විසින් දරුවන්ව අධික පීඩනයට පත් කිරීම නිසා ඔවුන් බඩේ කැක්කුම, වමනය, හිසේ කැක්කුම සහ නිසි ලෙස ශරීර කෘත්‍යන් සිදු නොවීම ආදී රෝගී රැසකට මුහුණ දී ඇති බව වෛද්‍යවරයා පවසනවා.

එසේ රෝගී වූ දරුවන් රැසක් දිවයින පුරා සෑම රෝහලකින්ම පාහේ වාර්තාවන බවයි වෛද්‍යවරයා පැවසුවේ.

වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන්ගේ මානසික මට්ටමට හානියක් සිදු නොවන ලෙස ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුව නිදහසේ සිදු කරගෙන යාමට සහාය දක්වන ලෙසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *