සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පෙළගැස්ම ප්‍රධාන කොටස් 5ක් යටතේ කරුණු ගොනු කර තිබේ.
ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන් වෙත පිළිගැන්වීය.
සැප්තැම්බර් 04 වනදා ප්‍රතිපත්ති ප්‍රකාශය ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව වෙත නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු පහතින් දැක්වෙයි.
- ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම
- සෑම පුරවැසියෙකුම බලගැන්වීම
- රාජ්‍ය සේවය නංවාලීම
- ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම
- රාජ්‍ය ආරක්ෂාව
මේ අතර ඔහු සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ රාජ්‍ය සේවකයින් ඉලක්ක කරගනිමින් යෝජනා රැසක් අන්තර්ගත කර ඇත.
එම යෝජනා පහතින්.
සමස්ත රාජ්‍ය සේවයම ප‍්‍රතිසංවිධානය කිරීම.
රාජ්‍ය සේවයේ සියලුම බඳවා ගැනීම්, පත්කිරීම් සහ අනුයුක්තකිරීම් කුසලතා මත පදනම්ව සිදු කෙරේ.
රාජ්‍ය අංශයේ මාසික ජීවන වියදම් දීමනාව දැනට ලබාදෙන රු. 17,800 සීමාවේ සිට රු. 25,000ක අවමයක් දක්වා ඉහළ නංවනු ඇත.
රජයේ සේවකයන්ගේ මූලික වැටුප ඉහළ නැංවීම
රාජ්‍ය සේවය සඳහා අදාළවන අවම මූලික මාසික වැටුප (දැනට ශ්‍රේණි සඳහා අදාළ අනුපාතයන් මත පදනම්ව) 24%කින් ඉහළ නැංවෙනු ඇත.
රාජ්‍ය සේවයේ අවම දළ වැටුප රු. 57,500ක් වනු ඇත.
2016 සිට බඳවා ගත් සියලුම රජයේ සේවකයින්ට විශ‍්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග‍්‍රහය අනුව ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප් ලබාදීමට යෝජනා කරමු.
දැනට සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරන නිලධාරීන්ට රැකියා වෙළෙඳපොළ තුළ තරඟකාරීව රැකියා අවස්ථා සොයා ගැනීමට හැකියාව ලැබෙන පරිදි සුදුසු වෘත්තීය පුහුණුවීම් ලබා ගැනීමට රජයේ අනුග‍්‍රහය ලබා දෙනු ඇත.
රජය ශ‍්‍රී ලංකාව පුරා සියලුම ගුරුවරුන්ට නොමිලේ පොදු ප‍්‍රවාහන පහසුකම් සපයනු ඇත.
අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වැටුප්, විශ‍්‍රාම වැටුප් සහ සේවා ගැටලු විසඳීම සඳහා 2025 ජනවාරි මාසයට පෙර ප‍්‍රතිපත්තිමය තීරණ ගනිමින් ක‍්‍රියාකාරී සැලැස්මක්