ඩයලොග් ආසිආටා පීඑල්සී (“Dialog”), භාරතී එයාර්ටෙල් ලංකා (පෞද්ගලික) සමාගම (“Airtel Lanka”) හා ඒකාබද්ධ වීමේ කටයුතු සාර්ථකව අවසන් කර තිබේ.
ඒ අනුව මෙහිදී සමාගම් පනතේ පවතින විධිවිධාන යටතේ එයාර්ටෙල් සමාගම හා ඩයලොග් සමඟ ඒකාබද්ධ කෙරුණි.
ඒ අනුව මින් ඉදිරියට එයාර්ටෙල් සමාගම, ඩයලොග් සමාගමෙහි ඒකාබද්ධ ආයතනයක් ලෙස පවතී.
මෙම ඒකාබද්ධ කිරීමත් සමග, 2024 අගෝස්තු 30 සිට බලපැවැත්වෙන පරිදි එයාර්ටෙල් ලංකා, පෞද්ගලික සමාගමක් ලෙස වෙනම පවත්වාගෙන යාම නිල වශයෙන් අත්හිටුවීම සනිටුහන් කෙරේ.
එහි මෙහෙයුම් කටයුතු ඩයලොග් හා ඒකාබද්ධව සිදු කර එහි මුල්‍ය ප්රකාශනයට ඇතුළත්ව පවත්වාගෙන යනු ලබන බව සඳහන්.