Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කමිඳු මෙන්ඩිස් එල්ල කළ හයේ පහරක් හිසට වැඳීමෙන් ප්‍රේක්ෂකයෙකුට සුළු අනතුරක්! කමිඳු පෙන්වූ මහත්මා ගුණයට මුළු ලෝකයෙන්ම පැසසුම්!

8 months ago 13.3 K

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය මේ දිනවල පැවැත්වෙනවා.

දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ  ශ්‍රී ලංකා කණ්ඩායමට සියළු දෙනා දැවී ලකුණු 196ක් රැස් කරගෙන සිටියේය.

ඒ එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු 427ට පිළිතුරු ලෙසයි.

මේ වනවිට එංගලන්ත කණ්ඩායම ලකුණු 256කින් ඉදිරියෙන් සිටිනවා.

ශ්‍රී ලංකා පළමු ඉනිම තුළදී කමිඳු මෙන්ඩිස් හැර අන් කිසිඳු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට සාර්ථකවීමට අවස්ථාව හිමි වූයේ නැහැ.
ඔහු ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුණා.

ඔහු එල්ල කළ හයේ පහරක් තරඟය නැරඹීමට පැමිණ සිටි  MCC මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සමාජිකයෙකුගේ හිසේ වැදීමෙන් සුළු අනතුරක් සිදු විය.

කෙසේ නමුත් තරගයෙන් පසු ඔහු සම්බන්ධව සොයා බැලීමට කමිඳු මෙන්ඩිස් කටයුතු කිරීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය රැසක පැසසුමට ලක්ව තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *