අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කර තවත් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ අනුව සැකකරු ලබන මස 2 වනදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් ලක්ෂ්මි සූරිගේ නියෝග කර ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට කළ පාපොච්චාරණයට අනුව මොහු පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවා.