Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

යුද හමුදා මූලස්ථානයදී සෙබළෙක් වෙඩි තබා ගනී

10 months ago 3 K

බත්තරමුල්ල අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ ඇතුලත මුරපලක රාජකාරියේ නිරතව සිටි සෙබළෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි තලංගම පොලිසිය පවසයි.

ඊයේ (31) පස්වරු 5.30ට පමණ මෙම සෙබළා මෙසේ වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවයි, පොලිසිය පැවසුවේ.

මෙසේ මියගොස් ඇත්තේ, මීරිගම පදිංචි 34 හැවිරිදි ලාන්ස් කෝප්‍රල්වරයෙකි.

මෙම සෙබළා තවත් සෙබළුන් දෙදෙනෙකු සමග යුද හමුදා මූලස්ථානය තුළ ආරක්ෂක කුටියක රාජකාරියේ නිරතව සිටියදී සිය රාජකාරී ගිනි අවියෙන් මෙසේ වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබුණි.

මෙම හමුදා සෙබළා සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, තලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *