Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වසර 33කට පසු ශ්‍රී ලංකාවට හිමි වූ අමිහිරි ටෙස්ට් පරාජය

2 weeks ago 2.4 K

එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 190ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (01) සිදුවිය.

ඒ අනුව තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉදිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට හැකිවිය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 427ක්.

එහි දී ජෝ රූට් ලකුණු 143ක් සහ ගට් ඇට්කිංසන් ලකුණු 118ක් රැස්කළා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු බිඳහෙළු කඩුලු සංඛ්‍යාව 05ක්.

අනතුරුව සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 196ක් පමණයි.

එහි දී කමිඳු මෙන්ඩිස් ලකුණු 74ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 23ක් ලබාගත්තා. පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස්, ගට් ඇට්කිංසන්, ඔලි ස්ටෝන් සහ මැතිව් පෝට් කඩුලු දෙක බැගින් බිඳහෙළුවා.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 231ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිමට ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 251ක් රැස්කරගත්තා.

එහි දී ජෝ රූට් ලකුණු 103ක් ලබාගැනීමටයි සමත් වුණේ.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර කඩුලු 03 බැගින් දවාගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 483ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 292ක් පමණයි.

එහි දී දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා අර්ධ ශතක රැස්කළා. පන්දු යැවීමේ දී ගට් ඇට්කිංසන් කඩුලු 05ක් දවා ගැනීමටයි සමත් වුණේ.

මෙම තරගය ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අතර, මෙය සැලකෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 33කට පසු ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ලැබූ පළමු පරාජය ලෙසයි.

මේ අතර 1991 වසරෙන් අනතුරුව ශ්‍රී ලංකාව ලෝඩ්ස්හි ටෙස්ට් තරගයක් පරාජය වූ ප්‍රථම අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.

කෙසේ වෙතත් ඉන් අනතුරුව 2002, 2006, 2011, 2014 සහ 20216 යන වසරවල ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී තරග පවත්වා ඇතත් ඒ සියල්ල අවසන් වී ඇත්තේ, ජය පැරදුමකින් තොරවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *