Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දිය වැලකට ගසාගෙන ගිය ළමුන් තිදෙනා බේරාගත් මෙහෙයුම

8 months ago 3.1 K

ගල්කිස්ස වෙරළ තීරයේදී දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි ළමුන් තිදෙනෙකුගේ දිවි බේරාගැනීමට ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

ඊයේ (01) දහවල් ළමුන් තිදෙනා ගල්කිස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති අතර එම අවස්ථාවේදී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී එම ළමුන් තිදෙනා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇත.

මෙලෙස අනතුරට ලක්වුණේ 16 හැවිරිදි වියේ පසුවන කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටින ළමුන් තිදෙනෙක්.

ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 57427 නහීම්, පොලිස් කොස්තාපල් 97189 බස්නායක සහ පොලිස් කොස්තාපල් 97401 ධර්මතිලක යන නිලධාරීන් විසින් එම ළමුන් තිදෙනාගේ දිවි බේරාගැනීම සිදුකර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *