තමා බලයට් පත් වූ පසු,ජනතා මුදල් නාස්තිය වළක්වමින් කැබිනට් මණ්ඩලය විසිපහකට සීමා කරන බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ රට අනුරට ජන රැළි මාලාව තුළදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එම අමාත්‍යවරුන් සඳහා වන නිල නිවාස, විදුලි බිල්, වතුර බිල්පත් ගෙවීම රජයෙන් වීම අත්හිටුවන බවද පැවසූ දිසානායක මහතා අමාත්‍යවරයකු සඳහා වාහන හත අටක් නිදහස් කිරීම නතර කර සාමාන්‍ය එක් වාහනයක් පමණක් ලබාදෙන බවද පැවසුවේය.
මේ අතර කැලණිය විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථයින්ගේ හමුව අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) කැළණියේදී පැවැත්වුණි.