ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගත යුතු බව ජනාධිපති ධුර අපේක්ෂක ජනක රත්නනායක මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
මීට දින කිහිපයකට පෙර ජාතික ජනබලවේගය ප්‍රවර්ධනය කරන ආකාරයෙන් ඇඹිලිපිටිය නගර සභාව ඉදිරියේ ව්‍යාජ ඡන්ද විමසීමක් සිදු කර තිබෙනවා.
ඊට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බවයි, ජනක රත්නායක මහතා අනාවරණ කළේ.
අදාළ ක්‍රියාවලිය මැතිවරණ නීති උල්ලංගනයක් කිරීමක් බව ද ඔහු කියා සිටියා.
එය ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා දිනවීම සඳහා සිදු කරනු ලබන කුමන්ත්‍රණයක් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.