වාහනවල මැතිවරණයට අදාළ ස්ටිකර්ස්, පෝස්ටර්ස් අලවා ඇත්නම් එවැනි වාහන අනිවාර්යයෙන්ම නවතා අදාළ ප්‍රචාරණ පුවරු හෝ ස්ටිකර්ස් ඉවත් කිරීමට පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලීසිය දැනුම් දෙනවා.
අද (02) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා මේ බව සඳහන් කළා.
ඔහු පවසා සිටියේ කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතියකින් යුතුව ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කමිටුවක් පත් කර ඇති බවයි.
එම කමිටුවට උපදෙස් ලබාදීම, අධීක්ෂණය සිදු කිරීම ආදිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළා .