Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සත් මසක දරු ගැබක් කුස දරා පැරා ඔලිම්පික් පදක්කමක් දිනූ දිරිය කත

8 months ago 3 K

මෙවර පැරා ඔලිම්පික් තරඟාවලියේ දී දුනු ශූර ජෝඩී ග්‍රින්හැම් කාන්තා ඒකල තරඟාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

මාස හතක ගැබිණියක් වන ජෝඩි 2016 රියෝ ක්‍රීඩා උළෙලේදී මිශ්‍ර කණ්ඩායම් රිදී පදක්කම දිනාගත් පසු පැරිසියේ ග්‍රින්හැම්ගේ ලෝකඩ පදක්කම ඇයගේ පළමු පැරා ඔලිම්පික් පදක්කමයි.

තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් 31 හැවිරිදි ජෝඩී පවසා තිබුණේ ඇයත් ඇයගේ දරුවාත් නීරෝගීව සිටින තාක් තරඟ කිරීමට හැකි බවත් පදක්කමක් දිනා ගැනීමට හැකි වනු ඇති බවත් ඇය දැඩිව විශ්වාස කළ බවයි.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් තමා අභිමානයට පත්වන බවත් ගැබිනියක් ලෙස විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවීම නිසා එය පහසු ජයක් නොවූ බවත් ඇය පවසා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *