සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාට එරෙහිව ජාතික ජන බලවේගයේ නීතීඥවරුන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
තුෂාර ඉඳුනිල් මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත්ව වහාම අත් අඩංගුවට ගතයුතු බවයි ජාතික ජන බලවේගයේ නීති අංශයේ ප්‍රධානියෙකු වන නීතීඥ සුනිල් වටගල මහතා සඳහන් කළේ.
ඔහුව ICCPR පනත යටතේ අත් අඩංගුවට ගත යුතු බව පැවසූ වටගල මහතා ඒ පනත යටතේ අත් අඩංගුවට ගත් කිහිපදෙනෙකු වසර ගණනාවක් ඇප නොදී රඳවා තබාගෙන සිටි බවත් සිහිපත් කළේය.