පසුගිය වසර දෙකක කාලය තුළ පාසල් සඳහා ගුරු පත්වීම් 25,800ක් ලබාදී තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඉදිරියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබාදෙන නිර්නායක පදනම් කරගනිමින් තවත් සංවර්ධන නිලධාරීන් 6,000ක් බඳවා ගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
කෙසේ වෙතත් දැනට පාසල්හි ගුරු පුරප්පාඩු 23,000 පවතින බවට පැතිර යන ප්‍රකාශ අසත්‍ය බවයි ඔහු සඳහන් කළේ.
සැබෑ ලෙසම පවතින්නේ ගුරු පුරප්පාඩු 23,000ක් නොව ගුරු පුරප්පාඩු 4,000ක් බවත් ඔහු සඳහන් කළා.
අද (03) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.