එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරග ද්විත්වයේම පරාජය වැළඳගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගියදා සිදුවිය.
තරග දෙකක පරාජයෙන් පසුව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මාධ්‍යට අදහස් දක්වමින් තරගාවලි පරාජයට හේතු සදහන් කර සිටි අතර ඔහු පැවසුවේ මෙය ඔහුගේ එංගලන්තයේ ක්‍රීඩා කරන අවසන් තරගය වනු ඇති බවයි.
ඔහු දැක්වු අදහස් පහතින්.
“මම හිතන්නේ තරග දෙකම අපි ගොඩක් ළඟට ආවා. අපි තර්ජනයක් දෙන තරමට ආවා වුණත් මම හිතන්නෑ දිනන්න ඕනි තත්වෙට ගේන්න පුළුවන් වුණා කියලා. ගොඩක් වෙලාවට මැච් එකේ ගොඩක් හොඳ තැන්වල හිටියා. අපෙ එක සෙෂන් එකක් හෝ දෙකක් හරියට කරන්නේ නැති නිසා තමයි අපිට තරග දෙක පරාජයට පත් වුණේ. මේ තරගය හොඳින් ඉවර කරන්න ආසයි . ලේසි නෑ. මේ හැමදේම චැලේන්ජ් එකක්. චැලේන්ජ් එක භාර අරහෙන හොදින් ක්‍රීඩා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ තරගය එංගලන්තයේ ක්‍රීඩා කරන මගේ අවසන් තරගය වෙයි. කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනියන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ.“