ඩයලොග් ආසිආටා පීඑල්සී (“Dialog”), භාරතී එයාර්ටෙල් ලංකා (පෞද්ගලික) සමාගම (“Airtel Lanka”) හා ඒකාබද්ධ වීමේ කටයුතු පසුගියදා සාර්ථකව නිමා කළා.
එම ඒකාබද්ධ වීමේ වාසිය ජනතාවට ලබා දෙමින් Dialog සමාගම සිය පාරිභෝගිකයන්ට ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඩයලොග් – එයාටෙල් දුරකථන ජාල ඒකාබද්ධ වීමේ වාසි පාරිභෝගිකයන්ට ලබා දෙමින් මෙතෙක් ඩයලොග් නැකේජයන්හි ඩයලොග් ජාලය තුළ පමණක් හිමි වූ (Dialog to Dialog) ඇමතුම් කාලයන් සහ Unlimited Calls මෙන්ම SMS දැන් ඩයලොග් සහ එයාටෙල් ජාල දෙක සඳහාම (Dialog to Dialog/Airtel) පැවති මිලටම ලබා දීමට ඩයලොග් සමාගම කටයුතු කර ඇත.
ඒ අනුව Dialog සමාගම මෙතෙක් ක්රියාත්මක කළ power plans සියල්ල සඳහා මෙම පහසුකම අන්තර්ගත කර තිබෙනවා.