Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

supreme court sri lanka

නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

1 week ago 3 K

ඉඩම් නඩු දෙකකට පෙනී සිටීම සඳහා හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 44ක මුදලක් ලබාගෙන ඊට නිසි පරිදි පෙනී නොසිටි නීතීඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට  ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

නීතිඥභාවයෙන් නෙරපා හරිනු ලැබූ තැනැත්තා විසින් රුපියල් මිලියන තුනක වන්දියක් මාස තුනක් ඇතුළත පැමිණිලිකාර හිමිනම වෙත ගෙවන ලෙසද නියෝග කර තිබේ.

දිවුලපිටිය, වැල්ලව ශ්‍රී චන්දානන්ද හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව අචල වෙංගප්පූලි, කුමුදුනි වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.

පැමිණිලිකාර හිමියන් කියා සිටින්නේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් තමන් වහන්සේ විසින් මිනුවන්ගොඩ සහ කුරුණෑගල දිසා අධිකරණවල නඩු දෙකක් පවරා තිබූ බවය.

වගඋත්තරකාර නීතිඥවරයා එම නඩුවලට පෙනී සිටීම සඳහා රුපියල් 4,450,000ක මුදලක් තමන් වහන්සේගෙන් ලබා ගෙන පසුව නිසි ආකාරයෙන් නඩු විභාගය සඳහා පෙනී නොසිටි බව පැමිණිලකාර හිමිනම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් කරනු ලැබූ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුරෙයි රාජා මහතා සඳහන් කළේ, වගඋත්තරකරු නීතිඥවරුන්ගේ ආචාරධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කර තිබෙන බැවින් ඔහු නීතිඥ ධුරයක් දැරීමට නුසුදුසු පුද්ගලයකු බවට නඩු විභාගයේදී අනාවරණය වූ බවය.

ඒ අනුව ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට නියෝග කර මාස තුනක් ඇතුළත රුපියල් මිලියන 03ක වන්දියක් වගඋත්තරකරු විසින් පැමිණිලිකාර හිමිනම වෙත ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *