2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට තිබියදී රාජ්‍ය නිලධාරීන්ට ලබන වසරේ ජනවාරි සිට වැටුප් වැඩි කිරීමට තුළින් එය මැතිවරණයට බලපෑමක් ලෙසට දැක්විය හැකි බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටියේ ආණ්ඩුව සිදු කර තිබෙන මෙම වැටුප් වැඩි කිරීම රාජය සේවකයන්ට සිදු කරන අනියම් බලපෑමක් ලෙස හැඟී යන බැවින් ඒ පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන ලෙසයි.
මේ අතර 2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු කමිටු සාමාජිකයින් විසින් භාරදී තිබේ.
අදාළ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන බවත් සියලුදෙනාගේ ආදායම් වැඩිකර දීම සිය අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.