තමා අතහැර ගිය බිරිඳව යලි නිවසට ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් සැමියෙක් වව්නියාව මූලස්ථාන පොලීසිය ඉදිරිපිට පිහිටි ගසකට නැග ඊයේ(03) විරෝධතාවක නිරත වී තිබෙනවා.
මෙලෙස විරෝධතාවේ නිරත වී ඇත්තේ වව්නියාව, බණ්ඩරිකුලම් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි දෙදරු පියෙක්.
තමන්ගේ බිරිඳ නොමැති වීම දරුවන් දෙදෙනාට ඉවසාගත නොහැකි බැවින් පොලීසියේ මැදිහත් වීමෙන් කෙසේ හෝ බිරිඳ නැවත නිවසට ගෙන්වා දෙන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.
පොලීසිය විසින් සිද්ධිය පිළිබඳව සොයාබලා බිරිඳ නැවත ගෙන්වා දෙන බවට පොරොන්දු වී මෙම පුද්ගලයා බිමට බස්වා ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
පොලිසිය සැක පළ කරන්නේ අනියම් සම්බන්ධයක් හේතුවෙන් ඔහුගේ බිරිඳ මෙලෙස පවුල අතහැර ගොස් ඇති බවයි.