ඉදිරි ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස සමඟ සන්ධානගත වූ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා කොංග්‍රසය ප්‍රමුඛ කරගත් මානුෂීය ජනතා සන්ධානය ස්වාධීන වීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සමගියට 27 ක් ලෙස එම පක්ෂ දෙක ගිවිසුමකට එළැඹුණි.
එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ස්වාධීන වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රභා ගනේෂන් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට නියමිත බවයි.
මානුෂීය ජනතා සන්ධානය ලියාපදිංචි දේශපාලන පක්ෂ 3කින් හා සිවිල් සංවිධාන 27කින් සමන්විතයි.