Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයේ සේවකයින්ට ලබාදෙන තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර ගැන පැහැදිලි කිරීමක්

1 week ago 10.1 K

රාජ්‍ය නිලධාරීන්ට වාහන ගැනීමට දෙන බලපත්‍ර 75,000ක් පමණ වසර පහක් තිස්සේ සිරවී පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අද (4) පාර්ලිමේන්තුවේදී ආනයන අපනයන පනතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට දැනටමත් කරුණු ඉදිරිපත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

රජයේ සේවකයන්ගේ බලපත්‍ර සඳහා වාහන රනිල් වික්‍රමසිංහ රජයක් යටතේ නියත වශයෙන්ම දෙන බව පැවසූ මන්ත්‍රීවරයා රාජ්‍ය සේවකයා මේ රටේ අසරණම කණ්ඩායම බවද සඳහන් කළේය.

පුද්ගලික අාශාවන් පස්සේ ගොස් දේශපාලනඥයන් මහ මඟ ගුටි කන මැරෙන යුගය නිර්මාණය කරන්න එපා යැයි ඉල්ලා සිටින බව පැවසූ මන්ත්‍රීවරයා පෝලිම්වල ඇද වැටෙන යුගය නිමා කළ ජනාධිපතිවරයාට මේ රටේ ජනතාව කෘතවේදීත්වය දක්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *