රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් සිය ධුරවලින් ඉවත් කර තිබෙනවා.
වරාය සහ ගුවන්සේවා සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලි හා බල ශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මෙසේ ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3)(අ) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බලතල මත මෙම තීරණය ගෙන ඇති බවද සඳහන්.