පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිටියදී අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පෙබරවාරි 13 වැනි දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (05)නියම කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් අධිකරණය පෙනී සිටි අතර විමර්ශන සම්බන්ධයෙන් උදෘත නීතිපතිවරයාට යොමු කර ඇතත් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය .
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල පෙබරවාරි මස 13 වනදා යළි කැඳවීමට නියෝග කළ අතර එදින විමර්ශන කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළේය.



දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
IMF ප්‍රධානියා ජනපති හමුවෙයි
Super 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රථම තරගය පැවැත්වෙන දිනය හා වේලාව මෙන්න
කොකේන් මත්ද්‍රව්‍ය එක්ක ජනප්‍රිය රංගන ශිල්පියෙකු අත්අඩංගුවට