හරීන් ප්‍රනාන්දු මහතාගෙන් පුරප්පාඩු වූ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා නව පත්වීම ජනාධිපතිවරණයට පසුව නම් කරන බව සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසු බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.
මන්ත්‍රීවරයාගෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධූරය සඳහා පත් කරන්නේ කවුදැයි යන්න සම්බන්ධයෙන් පක්ෂය තුළ තවමත් සාකච්ඡා කරමින් පවතින බව මහ ලේකම්වරයා පවසා තිබුණා.
සමගි ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පිවිසි හරීන් ප්‍රනාන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය දා (09) නඩු තීන්දුව ලබා දුන්නා.
මේ හේතුවෙන් හරින් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වුණා.
කෙසේ වෙතත්, සමගි ජන බලවේගයෙන් හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවට එන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් නමක් මෙතෙක් මැතිවරණ කොමිසම වෙත ලබා දී නැහැ.
මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින් කිහිපදෙනෙකුම සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය ජයගත් වහාම්ස් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි.